02nd October 2024 13:56:36 Hours
නුදුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී 2024 සැප්තැම්බර් මස 27 දින 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය.
එම සංචාරය අතරතුරදී, එතුමන් ඒකකයේ සියලුම නිලයන් අමතමින් තම යුද්ධ හමුදා සේවා කාලය පුරාවට ඉහළ වෘත්තීය මට්ටමක් පවත්වා ගැනීමට සහයෝගය ලබාදුන් සියලුම නිලයන් වෙත කෘතවේදීත්වය පළ කළේය. අනතුරුව එතුමන් අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහන් ද තැබීය.