Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2024 15:38:22 Hours

11 පාබල සේනාංකයෙන් පාසල් පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

ලෝක ළමා දිනයට සමගාමීව 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යු කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පිඑස්සී අයිජි ගේ උපදෙස් මත පාසල් පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් එම පාබල සේනාංක මුලස්ථානයේදි 2024 ඔක්තෝබර් මස 01 දින පවත්වන ලදී.

11 පාබල සේනාංක මුලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.