Header

Sri Lanka Army

Defender of the Nation

02nd October 2024 13:53:24 Hours

4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සිය 33 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සිය 33 වන සංවත්සරය 2024 සැප්තැම්බර් මස 24 දින උත්සව මාලාවකින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

සැමරුම් උත්සවය ආරම්භ කරමින් බෝධි පූජා පිංකමක් පැවැත්වූ වූ අතර, පසුව මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක් සහ ඒකකයට හා එහි සාමාජිකයන්ට ආශිර්වාද එක්කිරීම සඳහා සර්ව ආගමික වැඩසටහනක් ද පවත්වන ලදී. සැමරුම් උත්සවය වෙනුවෙන් රට වෙනුවෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන්ට උපහාර පිදීම සඳහා රණවිරු සැමරුමක් ද පැවැත්විණි.

සංවත්සර දින එම ඒකකයේ අණදෙන නිලධාරීතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල බලඇණි සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව පුහුණුවීම්, පරිපාලනය සහ ක්‍රීඩා ක්ෂේත්‍රවල විශිෂ්ටතා පෙන්නුම් කළ බලඝණ සහ භටපිරිස් සඳහා සම්මාන ප්‍රදානය කෙරිණි. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා අණදෙන නිළධාරීතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර නව නිලධාරී නිවස්නය සඳහා මුල්ගල තැබීය.

උත්සවයේ කටයුතු සමාප්ත කරමින් සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවති අතර, මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.