Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2024 15:42:18 Hours

12 පාබල සේනාංකයේ සංවිධානයෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

2024 ඔක්තෝබර් මස 01 දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය නිමිත්තෙන් 12 පාබල සේනාංකයේ සංවිධානයෙන් මේජර් අමිත් පුෂ්පකුමාර ආර්එස්පී ගේ සම්බන්ධීකරණයෙන් සහ කළුතර විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ (ඕස්ට්‍රේලියානු ශාඛාවේ) අනුග්‍රාහකත්වය ඇතිව හෙලගම ප්‍රාථමික විද්‍යාලයේදී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී වූ අතර, එහිදී මුණසිංහ ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 30 දෙනෙකු සහ හෙලගම ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 175 දෙනෙකු වෙත පාසල් පාවහන් සහ පාසල් උපකරණ ප්‍රදානය කරන ලදී. වැඩසටහන අවසානයේදී සිසුන් සහ ගුරුභවතුන් සඳහා තේ පැන් සංග්‍රයක්ද පිරිනමන ලදී.