Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2024 11:05:00 Hours

59 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සිය බලප්‍රදේශයේ නිල සංචාරයක

59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී , 2024 සැප්තැම්බර් මස 25 දින 591 පාබල බලසේනාවේ සහ 12 ශ්‍රී ලංකා පාබල හමුදාවේ හා 10 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.

591 පාබල බලසේනාව වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් එම පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ජේ.උබේසේකර ආර්එස්පී පීඑස්සී විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. එසේම ඒකක සංචාරයන්හිදී එම ඒකකයන්හි ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සේනාංකාධිපතිතුමන් වෙත බලප්‍රදේශයන් පිළිබඳව සවිස්තරාත්මකව දැනුවත් කරනු ලැබීය. අනතුරුව එතුමන් කුරින්දිමලේ පුරාවිද්‍යා ස්ථානයේද සංචාරය කරන ලදී.

නිල සංචාරයේ කටයුතු අවසන් කරමින් එතුමන් අමුත්තන් සඳහා වූ පොතහි සමරු සටහනක් තැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.