2020-05-22 13:15:06
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කරමින් ජාතික රණවිරු අනුස්මරණ දිනයේ (මැයි 19) අඩු ආදායම්ලාභි පවුල් දෙකක් සඳහා තවත් නව නිවාස දෙකක් ඉදිකිරීමට මුල්ගල් තබනු ලැබීය.
2020-05-22 13:00:06
රෝහල්වල පවතින රුධිර හිඟතාවය සැලකිල්ලට ගනිමින්, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චන්න වීරසුරිය ගේ උපදෙස් මත නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින ත්‍රිකුණාමලේ පිහිටි 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කඳවුරේ දී සිය රුධිරය පරිත්‍යාග කරනු ලැබීය.
2020-05-22 12:50:06
11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාරගේ ආරාධනයකට අනුව මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ඉකුත් අඟහරුවාදා (19) දින පල්ලේකැලේ ඉදිකරමින් පවතින යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ සංචාරයක නිරතවිය.
2020-05-22 12:47:06
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත බංගලාදේශයේ සිට ශ්‍රී ලාංකීකයන් 276 දෙනෙකු සිකුරාදා (22) දින රාත්‍රියේ UL 1423 දරණ ශ්‍රී ලංකන් එයාර්ලයින් මගී ගුවන්යානයෙන් දිවයිනට පැමිණි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
2020-05-22 12:45:06
62 වන සේනාංකයේ 7 වන සේනාංකාධිපති ලෙස රාජකාරී කටයුතු ආරම්භ කිරීම සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින ගල්කුලම, පදවි-ශ්‍රීපුර පිහිටි එම සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන්ව එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2020-05-22 12:38:06
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ 20 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින එම ආරක්ෂක සේනා මුලස්ථානයේ පැවැති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී සිය රාජකාරී කටයුතු භාරගනු ලැබීය. මෙම උත්සවයේ සමාරම්භක අවස්ථාවවේදී, නව ආඥාපතිතුමන් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය...
2020-05-22 10:00:26
1 වන ගැමුණු හේවා බලකායේ සේවයේ නියුතු නිලධාරින් සඳහා දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවැති නිවාඩු නිකේතනය, යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා ගේ සංකල්පයකට අනුව පවුල් තුනකට එක්වර නවාතැන් ගත හැකි ලෙස පැරණි ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කර ඉකුත් සෙනසුරාදා (16) දින විවෘත කරනු ලැබීය.
2020-05-22 09:30:26
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත රැසියාවේ සිට ශ්‍රී ලාංකීකයන් 261 දෙනෙකු සිකුරාදා (22) දින රාත්‍රියේ UL 1206 දරණ ශ්‍රී ලංකන් එයාර්ලයින් මගී ගුවන්යානයෙන් දිවයිනට පැමිණි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
2020-05-22 09:00:26
ජාතික රණවිරු අනුස්මරණ දිනයේ (මැයි 19) බත්තරමුල්ලේ පැවති ප්‍රධාන උත්සවයට සමගාමීව මහනුවර මයිලපිටිය රණවිරු උද්‍යානයේදී මධ්‍යම පළාත් සැමරුම් උත්සවය පැවැත්විණි. මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ සහභාගි වූ අතර ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් ද සහභාගි වූහ.
2020-05-21 20:28:26
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලාංකීකයන් 106 දෙනෙකු අද (21) දින උදෑසන GA 9820 දරණ මගී ගුවන්යානයෙන් දිවයිනට පැමිණි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඔවුන් සියලුදෙනා...