Header

Sri Lanka Army

Defender of the Nation

22nd May 2020 13:00:06 Hours

ත්‍රිකුණාමලයේ භටපිරිස් පවතින රුධිර හිඟය පූර්ණය සඳහා රුධිරය පරිත්‍යාග කරයි

රෝහල්වල පවතින රුධිර හිඟතාවය සැලකිල්ලට ගනිමින්, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චන්න වීරසුරිය ගේ උපදෙස් මත නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින ත්‍රිකුණාමලේ පිහිටි 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කඳවුරේ දී සිය රුධිරය පරිත්‍යාග කරනු ලැබීය.                

මේ වනවිට රටේ පවතින තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් හදිසි රුධිර අවශ්‍යතාවයක් ඇතිවුහොත් ලබාදීම සඳහා මෙම මානුෂිය ව්‍යාපෘතිය ත්‍රිකුණාමලය ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානයේ වෛද්‍ය එම්.එෆ් සීනා සනුස් (Dr M.F Zeena Zanooz) ගේ ඉල්ලීමකට දැක්වු ප්‍රතිචාරයක් වශයෙන් දියත් කරනු ලැබීය.

මෙම මානුෂීය අවශ්‍යතාවය පිළිබඳ සැලකිලිමත් වූ 223 වන බලසේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා සන්නද්ධ බලකායේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් ස්වේචඡාවෙන් ඉදිරිපත්ව සිය රුධිරය පරිත්‍යාග කළහ. මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා 223 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ශාන්ත පෙරේරා සහ 6 වන ශ්‍රී ලංකා සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් හසන්ත හේනාදී සහභාගි වූහ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්‍ෂතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා හමුදාවේ පරිත්‍යාගශීලිත්වයට ස්තූතිවන්ත විය. Running sports | Nike Shoes