Header

Sri Lanka Army

Defender of the Nation

22nd May 2020 12:45:06 Hours

62 වන සේනාංකයේ 7 වන සේනාංකාධිපති රාජකාරී කටයුතු අරඹයි

62 වන සේනාංකයේ 7 වන සේනාංකාධිපති ලෙස රාජකාරී කටයුතු ආරම්භ කිරීම සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින ගල්කුලම, පදවි-ශ්‍රීපුර පිහිටි එම සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන්ව එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව සේනාංකාධිපතිතුමන් සිය කාර්යාලයේදී රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය. සෞඛ්‍ය උපදෙස්වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබු සියලුනිල තේපැන් සංග්‍රහයකට බලසේනාධිපතිවරුන් සහ එම සේනාංකය යටතේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් නව සේනාංකාධිපතිතුමන් සමඟින් එක්වූහ.

ඉන් අනතුරුව, 62 වන සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් නිලධාරීන් අමතමින් රටේ සමෘද්ධිය සහ යුද්ධ හමුදා ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම සඳහා කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. latest Running | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News