Header

Sri Lanka Army

Defender of the Nation

22nd May 2020 12:50:06 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් පල්ලේකැලේ ඉදිකරමින් පවතින යුද්ධ හමුදා රෝහලේ සාංචාරයක නිරතවිය

11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාරගේ ආරාධනයකට අනුව මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ඉකුත් අඟහරුවාදා (19) දින පල්ලේකැලේ ඉදිකරමින් පවතින යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ සංචාරයක නිරතවිය.

මෙම සංචාරයේදී ආඥාපතිතුමන් ඉදිකිරීම් කටයුතුහි ප්‍රගතිය සහ අවශ්‍යතා පිළිබඳව විමසා සිටියහ.

මෙම සංචාරය සඳහා 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඊ.පී.පී. එදිරිවීර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු එක්වූහ. jordan release date | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival