Header

Sri Lanka Army

Defender of the Nation

22nd May 2020 12:38:06 Hours

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපතිතුමන් සිය රාජකාරී කටයුතු අරඹයි

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ 20 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ පැවැති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී සිය රාජකාරී කටයුතු භාරගනු ලැබීය.

මෙම උත්සවයේ සමාරම්භක අවස්ථාවවේදී, නව ආඥාපතිතුමන් වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස මල් කළඹක් තබා රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර පුද කළේය.

මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් එම ධුරයේ රාජකාරී කටයුතු භාරගනු ලැබීය. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් මුලස්ථාන කාර්යාල සංකීර්ණය ඉදිරිපිට ‘අඹ’ පැළයක් රෝපණය කළ එතුමන් සෙසුනිල භෝජනාගාරයේ සංවිධානය කර තිබු සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය.

සෞඛ්‍ය උපදෙස්වලට මුල්තැනක් දෙමින් පැවති මෙම උත්සවයට ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු මැද) ආඥාපති, සියලුම සේනාංකාධිපතිවරුන්, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Best Nike Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK