Header

Sri Lanka Army

Defender of the Nation

22nd May 2020 13:15:06 Hours

වන්නියේ තවත් පවුල් දෙකකට ස්ථිර හිසට සෙවනක් සඳහා මුල්ගල තැබේ

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කරමින් ජාතික රණවිරු අනුස්මරණ දිනයේ (මැයි 19) අඩු ආදායම්ලාභි පවුල් දෙකක් සඳහා තවත් නව නිවාස දෙකක් ඉදිකිරීමට මුල්ගල් තබනු ලැබීය.

212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස්ගේ සම්බන්ධීකරණයෙන් යුතුව ඕස්ට්‍රේලියාවේ සහ සිංගප්පූරුවේ පදිංචි නිලන්ත ලියනගේ මහත්මිය සහ මාලන් රාජපක්ෂ මහතා විසින් මෙම නිවාස දෙක කෙටි කාලයක් තුළ ඉදිකිරීම සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී.

මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් මුල්ගල් තැබීමේ උත්සවයට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහ පරිත්‍යාගශීලීන් සහභාගී වූහ. Best Sneakers | NIKE HOMME