2020-05-26 14:09:13
අනුරාධපුර ‘සඳහිරු සෑයේ’ හතරැස් කොටුව ඉදිකිරීම සඳහා පළමු ගඩොල තැබීමේ බෞද්ධ ආගමික උත්සවය ඉකුත් සඳුදා (25) දින මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ පැවැත්විණි. ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මඅක ජයසිංහ විසින් මෙහි පළමු ගඩොල තැබු අතර ස්ථුපයේ ඉදිකිරීම් කටයුතු මේ වන විටත් කඩිනමින් ක්‍රියාත්මක වේ.
2020-05-24 22:25:58
රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ පිහිටි යුද්ධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන වැඩිදියුණු කරන ලද නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සඳහා භාජනය වූ විදේශය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 113 දෙනෙකු, නිරෝධායන කාලය තුළ ඔවුන් වෙනුවෙන් යුද්ධ හමුදා සාමාජිකයින්...
2020-05-24 20:10:58
කොළඹ රතුකුරුස සංගමයේ සාමාජිකයින් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් සී. එස්. දේමිණි වෙත පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල 100ක් පරිත්‍යාග කරනු ලැබිය. රතු කුරුස සංගමයේ විධායක නිලධාරි...
2020-05-24 19:10:58
විජයබාහු පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව ඉකුත් සෙනසුරාදා (23) දින බෝයගනේ ප්‍රදේශයේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි උත්සව ශාලාවේදී සෞඛ්‍ය උපදෙස් වලට මුල්තැනක්දෙමින් භටපිරිස් ආමන්ත්‍රණය කරනු ලැබීය. බ්‍රිගේඩියර් පිලපිටිය යුද්ධ හමුදා පිරිස් පාලන අධ්යක්ෂ සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ 19 වන රෙජිමේන්තු අධිපති ලෙස ද රජකාරි කටයුතු ඉටුකරනු ලබයි.
2020-05-24 17:10:58
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ සිය ධූරයේ රාජකාරී කටයුතු භාරගැනීමෙන් අනතුරුව ඉකුත් ඉරිදා (24) දින අනුරාධපුරයේ ඓතිහාසික සිද්ධස්ථාන වැදපුදාගනිමින් අටමස්ථානාධිපති හිමියන් ඇතුළු ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, මිරිසවැටිය, අභයගිරිය, ථුපාරාමය, ලංකාරාමය සහ ඉසුරුමුණිය යන ඓතිහාසික විහාරස්ථානයන්හි වැඩවාසී මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගත්හ.
2020-05-23 11:00:26
ඩෙංගු වසංගතය පැතීරයාම වැළැක්වීම සඳහා කරච්චි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමි 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා ගේ උපදෙස් මත 571 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ...
2020-05-23 10:00:26
යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන ආයුර්වේද රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 39 ක්, ලයා බීච් වාද්දූව නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 04 ක්, නාවික හමුදාව විසින් මෙහෙයවනු ලබන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 14 ක් සහ රුවල නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයින් 58 දෙනෙකු සති දෙකකට අධික කාලයක් සිය නිරෝධායන කටයුතු සම්පූර්ණ කර අද (25) දින උදෑසන අදාළ වෛද්‍ය පරීක්ෂණයන්, සෞඛ්‍ය උපදෙස් සහ නිරෝධායන සහතිකපත් ලබාගැනීමෙන් පසු සිය නිවෙස් කරා පිටත් වූහ.
2020-05-23 09:00:26
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත රැසියාවේ සිට ශ්‍රී ලාංකීකයන් 181 දෙනෙකු සඳුදා (25) දින රාත්‍රියේ UL 1206 දරණ ශ්‍රී ලංකන් එයාර්ලයින් මගී ගුවන්යානයෙන් දිවයිනට පැමිණි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
2020-05-22 13:28:26
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ තද සුළි සුළං සහ ඇඳහැළුණු ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් දිවයිනේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී සාමාන්‍ය ජන ජීවිතය අඩාල වී ඇති බව වාර්තාවීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල්...
2020-05-22 13:20:06
අනුරාධපුර, ගල්කුලම ප්‍රදේශයේ පිහිටි 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිලධාරීන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නිලධාරී නිවස්නය ඉකුත් සිකුරාදා (22) දින විවෘත කරන ලදී. 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරීතුමන්ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට...