Header

Sri Lanka Army

Defender of the Nation

23rd May 2020 11:00:26 Hours

ඩෙංගු වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් නගරය පිරිසිදු කරයි

ඩෙංගු වසංගතය පැතීරයාම වැළැක්වීම සඳහා කරච්චි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමි 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා ගේ උපදෙස් මත 571 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 7 වන ශ්‍රී ලංකා පාබල හමුදවේ භටපිරිස් ඉකුත් සිකුරාදා (22) දින කිලිනොච්චි නගරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය මධ්‍යයේ ආරම්භ වු අධික වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගය පැතිරයාමේ අවධානම වැළැක්වීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 26 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කරච්චි නගරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියට එක්වූහ. affiliate tracking url | adidas NMD Human Race