Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2020 20:10:58 Hours

රතු කුරුස සංවිධානය යුද්ධ හමුදා සාමාජිකයින්ට තවත් පුද්ගලික ආරක්‍ෂක උපකරණ කට්ටල 100 ක් පරිත්‍යාග කරති

කොළඹ රතුකුරුස සංගමයේ සාමාජිකයින් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් සී. එස්. දේමිණි වෙත පුද්ගලික ආරක්‍ෂක උපකරණ කට්ටල 100ක් පරිත්‍යාග කරනු ලැබිය.

රතු කුරුස සංගමයේ විධායක නිලධාරි කුමාරි කොතලාවල මහත්මිය පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ අණදෙන නිලධාරි හමුවී කොවිඩ් - 19 වෛරසය පාලනය කිරීමට සහ නිරෝධායන කටයුතුවල යෙදි සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර බෙදාහැරීම සඳහා මෙම උපකරණ තොගය පරිත්‍යාග කර තිබුණි.

මෙම උපකරණ තොගය බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් වෙතද, යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයින් සහ කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ සාමාජිකයින් අතර මෙන්ම අනෙකුත් ඒකකයන් අතර ද බෙදාහරිනු ලබයි. Authentic Nike Sneakers | Klær Nike