Header

Sri Lanka Army

Defender of the Nation

22nd May 2020 13:20:06 Hours

3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නව නිලධාරී නිවස්නය විවෘත කෙරේ

අනුරාධපුර, ගල්කුලම ප්‍රදේශයේ පිහිටි 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිලධාරීන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නිලධාරී නිවස්නය ඉකුත් සිකුරාදා (22) දින විවෘත කරන ලදී.

3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරීතුමන්ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට සපැමිණ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක සහ ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු මැද) ආඥාපති මේජර් ජෙනරාල් එල්.පී.ආර්. ප්‍රේමලාල් ගේ සුරතින් අභිනවයෙන් ඉදිකරන ලද නිලධාරී නිවස්නයේ සමරුඵලය නිරාවරණය කර විවෘත කරනු ලැබීය. latest jordan Sneakers | New Releases Nike