Header

Sri Lanka Army

Defender of the Nation

23rd May 2020 10:00:26 Hours

නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ තවත් පිරිසක් සිය නිවෙස් කරා පිටත් වෙති

යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන ආයුර්වේද රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 39 ක්, ලයා බීච් වාද්දූව නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 04 ක්, නාවික හමුදාව විසින් මෙහෙයවනු ලබන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 14 ක් සහ රුවල නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයින් 58 දෙනෙකු සති දෙකකට අධික කාලයක් සිය නිරෝධායන කටයුතු සම්පූර්ණ කර අද (25) දින උදෑසන අදාළ වෛද්‍ය පරීක්‍ෂණයන්, සෞඛ්‍ය උපදෙස් සහ නිරෝධායන සහතිකපත් ලබාගැනීමෙන් පසු සිය නිවෙස් කරා පිටත් වූහ.

නිරෝධායන කටයුතු සම්පූර්ණ කර පිටත්ව යන මෙම පිරිසෙහි ගමනාන්ත නගර වෙත යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් මෙන්ම ඔවුන්ට අවශ්‍ය ආහාරපානදිය ද යුද්ධ හමුදාව වෙතින් සපයනු ලැබු අතර පිටත්ව යන පිරිසට සමුදීම සඳහා අදාළ නීරෝධායන මධ්‍යස්ථානයන්හී අණදෙන නිලධාරීන් පැමිණ සිටියහ. Running sport media | NIKE RUNNING SALE