2024-10-10 15:52:22
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී 2024 ඔක්තෝබර් මස 02 දින 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
2024-10-10 15:51:29
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 75 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී.
2024-10-10 15:48:47
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ සුරතින් 2024 ඔක්තෝම්බර් මස 02 දින ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර මූලස්ථානයේදී 3 (ස්වෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ නිලධාරියෙකු සහ සෙසුනිලයින් 04 දෙනෙකු වෙනුවෙන් ප්රශංසාත්මක සහතිකපත් ප්රදානය කරන ලදී. 2024 සැප්තැම්බර් මස 30 දින නිල්වලා ගඟේදී සියදිවි නසා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු බේරා ගැනීමේ වීර ක්‍රියාව වෙනුවෙන් මෙම පැසසුමට ඔවුන් ලක්කෙරිණි.
2024-10-10 15:45:29
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහ විරු කැකුළු පෙර පාසලේ ප්‍රධාන පාලිකා සුරංගි අමරපාල මහත්මියගේ මඟපෙන්වීම යටතේ “දරුවන් සුරකිමු - ඔවුන්ට සමානව සලකමු” තේමාව ඔස්සේ ලෝක ළමා දිනය සමරමින් පනාගොඩ විරු කැකුළු පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා ශ්‍රවණාගාරයේදී 2024 ඔක්තෝම්බර් මස 1 දින විශේෂ උත්සවයක් පැවැත්විණි.
2024-10-10 05:50:55
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 28 කට අධික කාලයක් මව්බිම වෙනුවෙන් සේවය කළ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් ඩී.එම්.බී.පී.බී. දිසානායක ආර්එස්පී යූඑස්පී දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී 2024 ඔක්තෝබර් මස 09 දින පස්වරුවේ සිදුකෙරිණි.
2024-10-09 22:25:15
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 18 වන ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ලෙස මේජර් ජෙනරල් ටී.සී. පීරිස් ආර්එස්පී යුඑස්පී 2024 ඔක්තෝම්බර් මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාර ගන්නා ලදී. අලුතින් පත් වූ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ආගමික වතාවත් මධ්‍යයේ නව කාර්යාලය භාර ගැනීම සනිටුහන් කරමින් නිල ලේඛනයකට අත්සන් තැබීය.
2024-10-09 22:25:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සර දිනය නිමිත්තෙන් 512 පාබල බලසේනාව විසින් 2024 ඔක්තෝබර් මස 4 දින වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2024-10-09 22:15:21
12 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් ඊරාලක්කුලම්, සිත්තංඩි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2024 ඔක්තෝම්බර් මස 07 දින නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පවරාදෙනු ලැබීය.
2024-10-09 22:10:38
ශ්‍රී ලංකා පාබල හමුදාවේ නව රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ඔක්තෝබර් මස 8 දින පනාගොඩ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
2024-10-09 18:02:56
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී වෙත හමුදා සම්ප්‍රධායානුකූල සමුදීමේ උත්සවයක් ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 2024 ඔක්තෝම්බර් මස 7 දින පැවැත්විය.