Header

Sri Lanka Army

Defender of the Nation

10th October 2024 05:50:55 Hours

කර්නල් ඩී.එම්.බී.පී.බී. දිසානායක ආර්එස්පී යූඑස්පී ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 28 කට අධික කාලයක් මව්බිම වෙනුවෙන් සේවය කළ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් ඩී.එම්.බී.පී.බී. දිසානායක ආර්එස්පී යූඑස්පී දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී 2024 ඔක්තෝබර් මස 09 දින පස්වරුවේ සිදුකෙරිණි.

එතුමන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා යුද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අධ්‍යක්‍ෂවරුන් ඇතුළු ශෝකයට පත් පිරිස‍් පැමිණ සිටියහ.

හමුදා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද එතුමන්ගේ දේහය සුසාන භූමියේ ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් භාරගනිමින් ආචාරය පුදකළේය.

සුසාන භූමියේ ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල අවමංගල්‍ය පෙරහැරකින් එතුමන්ගේ දේහය ආදාහනාගාරය වෙත රැගෙන යාමට භාරගත් අතර එතුමන්ගේ පවුලේ සාමාජිකයන් ඒ පසුපසින් පැමිණියහ.

යුද්ධ හමුදා විධායක ජෙනරාල්තුමන් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I (Special Part I Order), අවමංගල්‍ය උත්සව අවස්ථාවේදී පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලද අතර, හමුදා නිලධාරියෙකුට ලැබිය හැකි ඉහළම ගෞරවාචාරය ලබාදෙමින් තුවක්කු ආචාර වෙඩිමුර හඩ ගුවන් ගැබ සිසාරා පැතිර යන මොහොතේ එතුමන් වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානූකූල අවසන් ගෞරවාචාරය පුදකර සිටියහ.

හිරු නැඟෙනා මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬ මධ්‍යයේ එතුමන්ගේ දිවි සැරියේ නිමාව එම බියුගල් නාදයෙන් සංවේගජනක ලෙස සිහිපත් කරමින් දේහය ආදාහනාගාරයට ගෙන යන ලදී.

අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රුද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී විසින් දිවංගත කර්නල් ඩී.එම්.බී.පී.බී. දිසානායක ආර්එස්පී යූඑස්පී යුද්ධ හමුදා දිවිය තුළ හිමිකරගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී.

යුද්ධ හමුදා විධායක ජෙනරාල්තුමන් විසින් නිකුත් කරනු ලැබු විශේෂ නියෝග I (Special Part I Order) පහතින් දැක්වේ: