Header

Sri Lanka Army

Defender of the Nation

09th October 2024 22:10:38 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ නව රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා පාබල හමුදාවේ නව රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ඔක්තෝබර් මස 8 දින පනාගොඩ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණී නව රෙජිමේන්තු අධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ රෙජිමේන්තු සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

අනතුරුව ධූරයේ රාජකාරි භාරගැනීම සංකේතවත් කරමින් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නිල ලේඛනයට අත්සන් තැබීය. පසුව එතුමන් මව්බිම වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන් සිහිකරමින් එම රෙජිමේන්තුවේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාරය දක්වීය.

රෙජිමේන්තු අධිපතිතුමන් සමාරම්භක දේශනයේදී සියලුම නිලයන් අමතමින් රෙජිමේන්තුවේ අනාගතය වෙනුවෙන් එතුමන්ගේ ඉදිරි දැක්ම ඉස්මතු කරමින් නිලධාරීන් සහ සෙසු නිලයන්ගේ අභිමානවත් රාජකාරීන් නිසි අයුරින් සිදුකිරීමට දිරිමත් කළේය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්ද සහභාගි වූහ.