Header

Sri Lanka Army

Defender of the Nation

09th October 2024 18:02:56 Hours

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන් වෙත උපහාර

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී වෙත හමුදා සම්ප්‍රධායානුකූල සමුදීමේ උත්සවයක් ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 2024 ඔක්තෝම්බර් මස 7 දින පැවැත්විය.

ප්‍රධාන දොරටුව වෙත සපමිණී ධූරයෙන් නික්ම යන රෙජිමේන්තු අධිපතිතුමන් වෙත එම රෙජිමේන්තුවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ රෙජිමේන්තු සම්මාන මුරයේ ගෞරවාචාරය පුඳකරන ලදී. අනතුරුව, එම රෙජිමේන්තු ස්මාරකය අභියසදී මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්හට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසුව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. පසුව රෙජිමේන්තු අධිපතිතුමන් කොමිස් නොලත් නිලධාරින්ගේ සමාජ ශාලාවේ පැවති තේ පැන් සංග්‍රහයක් අතරතුර භට පිරිස් සමඟ අදහස් හුවමාරු කර ගන්නා ලදී.

එදින සන්ද්‍යාවේ දී රෙජිමේන්තු අධිපතිතුමන්වෙත එම රෙජිමේන්තුවේ නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන් සහභාගීත්වයෙන් සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විය. රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර දී රෙජිමේන්තු අධිපතිතුමන්ගේ ශ්‍රී ලංකා පාබල හමුදාවට සිදුකරනු ලැබූ සේවය අගයමින් සමරු ඵලකයක් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.