Header

Sri Lanka Army

Defender of the Nation

10th October 2024 15:48:47 Hours

සියදිවි නසාගැනීමට තැත්කළ පුද්ගලයෙකු බේරාගත් යුද්ධ හමුදා සාමාජිකයන්ට ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ සුරතින් ප්‍රශංසාත්මක සහතිකපත් පිරිනැමේ

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ සුරතින් 2024 ඔක්තෝම්බර් මස 02 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මූලස්ථානයේදී 3 (ස්වෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ නිලධාරියෙකු සහ සෙසුනිලයින් 04 දෙනෙකු වෙනුවෙන් ප්‍රශංසාත්මක සහතිකපත් ප්‍රදානය කරන ලදී. 2024 සැප්තැම්බර් මස 30 දින නිල්වලා ගඟේදී සියදිවි නසා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු බේරා ගැනීමේ වීර ක්‍රියාව වෙනුවෙන් මෙම පැසසුමට ඔවුන් ලක්කෙරිණි.

ඔවුන් එම හදිසි අවස්ථාවට ක්‍ෂණිකව ප්‍රතිචාර දක්වමින් සියදිවි නසාගැනීමට තැත්කළ පුද්ගලයා බේරාගැනීමට කටයුතු කළහ. ඒ අනුව, මෙම මුදවා ගැනීමේ මෙහෙයුමට දායකත්වය දැක්වූ මේජර් එස්. ඉන්දික, සැරයන් ඒ.ඩී. දළුවත්ත, පාබල සෙබළ ඩී.එම්.යූ.එස්. ජයසිංහ, පාබල සෙබළ ඩබ්ලිව්.එම්.එස්. වර්ණකුලසූරිය සහ පාබල සෙබළ එල්.ටී. ලක්මාල් වෙත මෙම ප්‍රශංසාත්මක සහතිකපත් පිරිනැමිණි.

මෙම උත්සවය අතරතුරදී, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර විසින් ඔවුන්ගේ නිර්භීත ක්‍රියාවන් සිය පැසසුමට ලක්කළ අතර ඔවුන්ගේ කැපවීම යුද්ධ හමුදාවේ ධෛර්යය, පරාර්ථකාමීත්වය සහ වගකීම යන වටිනාකම් පිළිබිඹු වන ආකාරය පිළිබඳව අවධාරණය කළේය. ඔවුන්ගේ ක්‍රියාකලාපය සෙසු සොල්දාදුවන්ටත් සමස්ත යුද්ධ හමුදාවටත් ආදර්ශයක් වන බව ද එතුමන් පෙන්වා දුන්නේය.