Header

Sri Lanka Army

Defender of the Nation

10th October 2024 15:51:29 Hours

75 වන යුද්ධ හමුදා සංවත්සර දිනය වෙනුවෙන් 11 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් දීප ව්‍යාප්ත පිරිසිදු කිරීමේ වැඩසටහනක්

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 75 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, 11 පාබල සේනාංකයේ භටපිරිස් විසින් කුණ්ඩසාලේ මධ්‍යම පළාත් ආයුර්වේද රෝහලේදීත්, 111 පාබල බලසේනාවේ භටපිරිස් ඉඟුරුවත්ත ප්‍රාථමික පාසල් ක්‍රීඩා පිටියේදීත්, 5 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් තෙල්දෙණිය දිස්ත්‍රික්ක රෝහලේදීත් මෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් මහයියාව වැඩිහිටි නිවාසයේදීත් 2024 ඔක්තෝබර් මස 09 දින මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය.

එමෙන්ම, 23 බලඇණිය විජයබාහු පාබල සේනාංකයේ භටපිරිස් සුජාතා ළමා නිවාසය සහ 2 බලඇණිය ශ්‍රී ලංකා රයිෆල් බලකා භටපිරිස් සම්බෝධි වැඩිහිටි නිවාසය සහ 112 පාබල බලසේනාවේ භටපිරිස් රිදීපාන වැඩිහිටි නිවාසය පිරිසිදු කිරීමේ වැඩසටහන් ඔක්තෝබර් මස 8 දින ක්‍රියාත්මක කරන ලදී. මේ අතර, ඔක්තෝබර් මස 9 දින 641 පාබල බලසේනාවේ භටපිරිස් ලග්ගල ප්‍රාදේශීය රෝහලත්, 4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් ලෙනදොර රජමහා විහාරස්ථානයත් පිරිසිදු කරනු ලැබීය. මීට අමතරව, 1 බලඇණිය සිංහ රෙජිමේන්තු භටපිරිස් සෙනෙහස පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානයත්, 642 පාබල බලසේනාවේ භටපිරිස් කොටගල ප්‍රාදේශීය රෝහල සහ පබ්බතාරාමය විහාරස්ථානයත් පිරිසිදු කරන ලදී.

මීට ප්‍රථම, 2024 ඔක්තෝම්බර් මස 5 දින 3 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් සීතාඑළිය සහ බොරලන්ද විහාරස්ථානත් ඔක්තෝබර් මස 9 දින නුවරඑළිය ලක්‍ෂපාන ප්‍රාදේශීය රෝහලේදීත් පිරිසිදු කිරීමේ වැඩසටහන් පැවැත්වීය.