2024-10-15 20:51:53
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ඔක්තෝබර් මස 14 දින ගංවතුරින් අවතැන්ව වැල්ලම්පිටිය විද්‍යාවර්ධන විද්‍යාලය, සේදවත්ත සිද්ධාර්ථ විද්‍යාලය සහ කොටුවිල ගාමිණී විද්‍යාලය යන ස්ථානයන්හි පිහිටුවා ඇති මධ්‍යස්ථානයන්හි රැඳී සිටින පුද්ගලයින්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් එම ස්ථානයන්හි සංචාරයක නිරතවිය.
2024-10-15 20:49:14
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී 2024 ඔක්තෝබර් මස 14 දින යාන්ත්‍රික පාබල බලසේනාව සහ 1 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
2024-10-15 20:46:38
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ඔක්තෝබර් මස 4 දින 561 පාබල බලසේනාව, 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
2024-10-15 20:44:08
එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ (UNIFIL) දූත මණ්ඩල ප්‍රධානී සහ බලසේනාධිපති
2024-10-14 18:10:01
ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් වී.ඩී.එස්. පෙරේරා 64 පාබල සේනාංකයේ 18 සේනාංකාධිපති ලෙස එම සේනාංක මූලස්ථානයේදී 2024 ඔක්තෝබර් මස 11 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2024-10-14 18:07:33
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ඔක්තෝම්බර් මස 3 දින 563 පාබල බලසේනාව, 7 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 11 බලඇණිය ගැමුණු හේවා බලකාය වෙත නිල සංචාරයක නිරත විය.
2024-10-14 18:06:25
ආරක්ෂක අමාත්‍යාංශයේ මගපෙන්වීම සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් මේ වනවිට පවතින අයහපත් කාලගුණික තත්ත්වයෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා භටපිරිස් යොදවා ඇත. ගංගා පිටාර ගැලීම හේතුවෙන් දිවයින පුරා ගංවතුර තත්ත්වයන් හටගැනීමෙන් අවතැන් වූවන්ට අත්‍යවශ්‍ය සහන සේවා සැලසීමට යුද්ධ හමුදාව වෙතින් කඩිනම් ක්‍රියාමාර්ග ගනු ලබයි. මෙම ක්‍රියාන්විතයට සමගාමීව, මුදවාගැනීමේ සහ සහන සැලසීමේ කටයුතුවල නිරත වන භටපිරිස් සංඛ්‍යාව වැඩි කරන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් විසින් 1 බලකායේ බලකාධිපතිතුමන් සහ සියලුම ආරක්ෂක සේනා ආඥාපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.
2024-10-14 18:05:38
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තුවේ නිලධාරීන් 25 දෙනෙකු සඳහා Lead-Acid බැටරිවල තාක්ෂණය සහ නඩත්තු කිරීම පිළිබඳ එක්දින වැඩමුළුවක් 2024 ඔක්තෝබර් මස 11 දින රත්මලාන ‘Elcardo’ කර්මාන්ත ශාලාවේදී පැවැත්විණි.
2024-10-14 18:04:13
1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 45 වන සංවත්සරය එම ඒකකයේ අණදෙන නිලධාරිනී මේජර් ඊ.එම්.එච්.සී. ද සේරම් පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ හමුදා සම්ප්‍රදායානුකූලව 2024 සැප්තැම්බර් මස 1 දින සමරන ලදී.
2024-10-14 16:40:42
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී 2024 ඔක්තෝබර් මස 13 දින 5 (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.