14th October 2024 18:04:13 Hours
1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 45 වන සංවත්සරය එම ඒකකයේ අණදෙන නිලධාරිනී මේජර් ඊ.එම්.එච්.සී. ද සේරම් පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ හමුදා සම්ප්‍රදායානුකූලව 2024 සැප්තැම්බර් මස 1 දින සමරන ලදී.
ප්‍රධාන දොරටුව වෙත සපැමිණි අණදෙන නිලධාරිනිය වෙත සෙබලියන් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකලේය. අනතුරුව, එම ඒකක පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මවිබිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් වෙත පුෂ්පෝපහාර දැක්විමෙන් අනතුරුව, අණදෙන නිලධාරිනිය වෙත හමුදා සම්ප්‍රදායානුකූල බලඇණි සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකලේය. පසුව එතුමිය සියලු නිලයන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියාය.
පසුව අභීත රණවිරුවන් දෙදෙනකුගේ ළඟම ඥාතීන් වෙත සමරු ඵලක ප්‍රදානය කිරීමෙන් පසුව එම බලඇණියේ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 14 දෙනෙකු වෙනුවෙන් වියළි සලාක පාර්සල් ප්‍රධානය කරන ලදී.
අනතුරුව, ක්‍රීඩා ඉසව් සහ පාඨමාලා වල දක්‍ෂතා දැක්වූ සෙබළියන් වෙත තිළිණ ප්‍රදානය කරන ලදී. සියලු නිල දිවා භෝජන සංග්‍රහයකින් පසුව සැමරුම් උත්සවයේ කටයුතු අවසන් විය.
මීට අමතරව, 2024 අගෝස්තු මස 29 දින, භටපිරිස් විසින් මව්බිම වෙනුවෙන් දිවිපිදූ ඒකකයේ රණවිරුවන් හට පිං අනුමෝදන් කිරීම සඳහා බෝධි පූජාවක් සහ ධර්ම දේශනා වැඩසටහනක් සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.