15th October 2024 20:49:14 Hours
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී 2024 ඔක්තෝබර් මස 14 දින යාන්ත්‍රික පාබල බලසේනාව සහ 1 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ.
නිල සංචාරය අතරතුර, එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර, නිලධාරීන් සහ සෙසුනිලයන් සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනීසිටියහ. අනතරුව එතුමන් වෙත බලප්‍රදේශය පිළිබඳව සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකරනු ලැබීය. පසුව කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී සියලු නිල තේ පැන් සංග්‍රහයක් සහ සහ දිවා භෝජන සංග්‍රහයක් සඳහා සහභාගී විය. සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කළේය.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්ව සිටියහ.