Header

Sri Lanka Army

Defender of the Nation

14th October 2024 16:40:42 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් 5 (ස්වේච්ඡා) බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සංචාරයක

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී 2024 ඔක්තෝබර් මස 13 දින 5 (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.

එම ඒකකය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 5 (ස්වේච්ඡා) බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් කේ.ඒ.කේ.එස්. කොඩිතුවක්කු යූඑස්පී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, කදවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ රෙජිමේන්තු අධිපතිතුමන් සියලු නිලයන් සමඟින් සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය. එම ඒකකයේ කාර්යභාරයන් සබැඳිව සවිස්තරාත්මක එතුමන් දැනුවත් කිරීමෙන් අනතුරුව එතුමන් කඳවුරු පරිශ්‍රයේ නිරික්‍ෂණ චාරිකාවක ද නිරතවිය. පසුව, එතුමන් හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ආමන්ත්‍රණය කරනු ලැබීය.

සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් රෙජිමේන්තු අධිපතිතුමන් එම ඒකකයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.