Header

Sri Lanka Army

Defender of the Nation

15th October 2024 20:46:38 Hours

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ සංචාරයක

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ඔක්තෝබර් මස 4 දින 561 පාබල බලසේනාව, 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.

සංචාරයේ නිරත සේනාංකාධිපතිතුමන් 561 පාබල බලසේනාවේ බලසේනාධිපති ප්‍රමුඛ අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ එම බලසේනාවේ හා ඒකකයන්හි සියලු නිලයන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සංචාරයේදී, සේනාංකාධිපතිතුමන් භටපිරිස් සමඟ සුහඳ පිළිසඳරක නිරත වෙමින් ඔවුන් සතු ගැටළු විමසා බලා රාජකාරි කටයුතු වෙනුවෙන් ඔවුන් දිරිමත් කළේය. සංචාරය සමාප්තියේ, එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තැබීය. මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් එක්ව සිටියහ.