14th October 2024 18:10:01 Hours
ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් වී.ඩී.එස්. පෙරේරා 64 පාබල සේනාංකයේ 18 සේනාංකාධිපති ලෙස එම සේනාංක මූලස්ථානයේදී 2024 ඔක්තෝබර් මස 11 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කළේය. ඉන් අනතුරුව එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපනය කර සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් සේනාංකාධිපතිතුමන් නිල ලේඛනයකට අත්සන් තැබීය. පසුව හමුදා සම්ප්‍රදායානුකූල භටපිරිස් ඇමතීමෙන් අනතුරුව, සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ.