2024-10-18 15:40:22
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව 2024 ඔක්තෝබර් මස 15 දින 4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය.
2024-10-18 13:40:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ 641 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් කිරලගොල්ල ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී.
2024-10-17 17:01:10
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී 2024 ඔක්තෝබර් මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරි භාරගනු ලැබීය.
2024-10-16 19:19:59
ගජබා රෙජිමේන්තුවේ 41 වන සංවත්සරය 2024 ඔක්තෝබර් මස 14 දින පවත්වනු ලැබූ අතර, ඒ නිමිත්තෙන් එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත වැඩසටහන් මාලාවක් පැවැත්වූහ.
2024-10-16 19:17:42
සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මේජර් ජෙනරල් වයි බාලරත්නරාජා වීඑස්වී යූඑස්පී එන්ඩීසී යුධ ශාරීරික අභ්‍යාස පුහුණු තරඟය - 2024, කලත්තෑව සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්යස්ථානයහිදී 2024 සැප්තැම්බර් මස 29 දින සිට ඔක්තෝබර් මස 01 දින දක්වා පැවැත්විණි. මෙම තරඟය සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ඒකක හයක් සහභාගී වූ අතර, එහිදී එම ඒකක සාමාජිකයන්ගේ විඳදරාගැනීම, යෝග්‍යතාවය සහ කණ්ඩායම් ක්‍රියාකාරිත්වය පරීක්ෂා කරන ලදී.
2024-10-16 19:16:59
ඌව පළාත් නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස්පති කාර්යාලය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ 112 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සමීප අධීක්ෂණය යටතේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 ඔක්තෝබර් මස 16 දින කරනු ලැබූ මෙහෙයුමකින් පසුව අමානුෂික ලෙස ඝාතනය කරන ලද තරුණයෙකුගේ මළ සිරුරක් පුංචි ලෝකාන්තය ප්‍රදේශයෙන් සොයා ගන්නා ලදී.
2024-10-16 19:15:02
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ සංවත්සරය නිමිත්තෙන් භඨකාර්ය අණසක මූලස්ථානයේ අඥාපති සහ එම බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕගේ උපදෙස් මත දොඹගොඩ ස්ථාපිත යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී 2024 ඔක්තෝබර් මස 14 දින සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කරනු ලැබීය. මෙමගින් යුධෝපකරණ බලකායේ කැපවූ සේවය සහ කාර්යභාරය ඉස්මතු කරමින් එම බලකායේ ඉතිහාසය කලාත්මකව විදහා දක්වයි.
2024-10-16 19:07:31
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අනුරාධපුර, තිසාවැව බටහිර ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා ඔවුන්ගේ එම නිවස ප්‍රතිසංස්කරණය කර දෙන ලදී. ප්‍රතිසංස්කරණය කරන ලද නිවස ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 15 දින නිවාස ලාභීන් වෙත පවරා දෙනු ලැබීය. මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය භඨකාර්ය සම්පාදන ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ටී.ඒ පීරිස් පීටීඑස්සී ගේ මගපෙන්වීම මත 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එච්.එම්.එස්.ජේ බණ්ඩාර ගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී.
2024-10-16 19:02:21
රාජකීය විද්‍යාලයීය රතු කුරුස සංගමය විසින් 2024 ඔක්තෝබර් මස 12 දින හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් ලේ බැංකුවේ දී සංවිධානය කරන ලද රුධිරය පරිත්‍යාග වැඩසටහනක් සඳහා 12 පාබල සේනාංකයේ භටපිරිස් සහභාගී වූහ.
2024-10-16 18:59:41
2 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 68 වන සංවත්සරය එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් ඒ.එම්.ඩී.එස් තිලකරත්න ගේ උපදෙස් මත 2024 ඔක්තෝබර් මස 4 දින මහනුවර ප්‍රදේශයේ ස්ථාපිත එම බලඇණි මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ සහ හමුදා සම්ප්‍රදායානුකූලව සමරනු ලැබීය.