Header

Sri Lanka Army

Defender of the Nation

16th October 2024 19:15:02 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ සංවත්සරය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදක්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ සංවත්සරය නිමිත්තෙන් භඨකාර්ය අණසක මූලස්ථානයේ අඥාපති සහ එම බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕගේ උපදෙස් මත දොඹගොඩ ස්ථාපිත යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී 2024 ඔක්තෝබර් මස 14 දින සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කරනු ලැබීය. මෙමගින් යුධෝපකරණ බලකායේ කැපවූ සේවය සහ කාර්යභාරය ඉස්මතු කරමින් එම බලකායේ ඉතිහාසය කලාත්මකව විදහා දක්වයි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් නියෝජ්‍ය තැපැල්පති (බස්නාහිර පළාත) කේ.ඒ.එන්.පී. කදනාරච්චි, තැපැල්පති (කොළඹ) එන්.ලැනරෝල්, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්‍ෂ එල්.ජී.එන්. ද සිල්වා යන මහත්වරුන් සහභාගි වූහ.