17th October 2024 17:01:10 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී 2024 ඔක්තෝබර් මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරි භාරගනු ලැබීය.
එතුමන් හමුදා සම්ප්‍රදායානුකූලව සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.