16th October 2024 19:19:59 Hours
ගජබා රෙජිමේන්තුවේ 41 වන සංවත්සරය 2024 ඔක්තෝබර් මස 14 දින පවත්වනු ලැබූ අතර, ඒ නිමිත්තෙන් එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත වැඩසටහන් මාලාවක් පැවැත්වූහ.
එදින, කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. ඉන් අනතුරුව එතුමන් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරල් ඩබ්ලිව්.අයි.වී.කේ.එම්. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ පිළිරුවට පුෂ්පෝපහාර පුදකරනු ලැබීය. පසුව එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලද අතර, උත්සව කටයුතු අවසන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වූහ.
වැඩසටහන් මාලාවට සමගාමීව 2024 ඔක්තෝබර් මස 13 දින ගජබා රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී මානූෂීය මෙහෙයුමේදී මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් වෙත උපහාර පිරිනැමීම සිදු විය. එහිදී ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් 171 දෙනෙකු සහ සෙසුනිලයන් 4,068 දෙනෙකු මව්බිම වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාගය සිදු කළ අතර, නිලධාරීන් 176 දෙනෙකු සහ සෙසුනිලයන් 4,463 දෙනෙකු රණක්‍ෂිතයට පත්වූ අතර, ඉන් බොහෝ දෙනෙක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූහ.
මෙම සැමරුම් උත්සවයේදී පිරිත් සජ්ඣායනයක් සහ දානමය පිංකමක් ද පැවැත්වූ අතර, උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද සහභාගී වූහ.