Header

Sri Lanka Army

Defender of the Nation

16th October 2024 19:02:21 Hours

12 පාබල සේනාංකයේ භටපිරිස් රුධිර පරිත්‍යාග වැඩසටහනක් සඳහා සහභාගී වෙයි

රාජකීය විද්‍යාලයීය රතු කුරුස සංගමය විසින් 2024 ඔක්තෝබර් මස 12 දින හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් ලේ බැංකුවේ දී සංවිධානය කරන ලද රුධිරය පරිත්‍යාග වැඩසටහනක් සඳහා 12 පාබල සේනාංකයේ භටපිරිස් සහභාගී වූහ.

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ එම සේනාංක මූලස්ථානයේ, 122 පාබල බලසේනාවේ, 20 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ, 3 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ හමුදා සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් සමඟ එක්ව රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා සහභාගී වූහ.