2024-10-18 21:49:37
56 පාබල සේනාංකය, නැවත පදිංචි කිරීම් සහ පුනරුද සංවිධානය හා අලාකා පදනම සමඟින් එක්ව 2024 ඔක්තෝබර් මස 16 දින පන්රිකේතකුලම් ප්‍රදේශයේ දෘශ්‍යාබාධිත සිවිල් වැසියන් සඳහා ඇස් කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2024-10-18 21:49:17
56 සේනාංකයේ 27 වන සංවත්සරයට සමගාමීව, එම සේනාංක බල ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත 2024 සැප්තැම්බර් මස 12 දින සුබසාධන වැඩසටහනක් ආරම්භ කරන ලදී.
2024-10-18 21:16:39
ඉන්දීය උසස් ආරක්ෂක කළමනාකරණ පාඨමාලාවේ කොටසක් ලෙස මෙරට සංචාරයේ නිරත එම පාඨමාලාවේ නියෝජිතයන් පිරිසක් ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ඔක්තෝබර් මස 17 දින දියතලාව ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම හිදී හමුවිය.
2024-10-18 21:15:57
23 බලඇණිය ගැමුණු හේවා බලකායේ 15 වන සංවත්සරය 2024 ඔක්තෝබර් මස 15 දින පවත්වනු ලැබූ අතර, ඒ වෙනුවෙන් ඒකක ධජයට ආශිර්වාද එක්කිරීමේ වැඩසටහනක්, ක්‍රිකට් තරඟාවලියක්, බෝධි පුජා පිංකමක් සහ සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් වැනි වැඩසටහන් මාලාවක් පැවැත්වූහ.
2024-10-18 21:12:44
කිලිනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය මගින් 2024 ඔක්තෝබර් මස 16 දින පලෛයි ප්‍රාථමික රෝහලේ සිට පලෛයි, පච්චා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා පිළිකා රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් සංවිධානය කරන ලදී.
2024-10-18 21:11:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය මගින් දැනට ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතියේ තවත් එක් අධියරක් ලෙස, ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් 2024 ඔක්තෝබර් මස 16 සහ 17 යන දිනයන්හිදී පරන්තන් සහ කිලිනොච්චි ප්‍රදේශයේ නව නිවාස තුනක් නිවාස ලාභීන් වෙත ප්‍රධානය කරන ලදී.
2024-10-18 18:55:16
යුද්ධ හමුදාවේ 20 වන යුධෝපකරණ සේවා අධ්‍යක්ෂක වශයෙන් බ්‍රිගේඩියර් කේ.පී.එන්.එස්.කේ කාරියවසම් එල්එස්සී ඒඒටීඕ 2024 ඔක්තෝබර් මස 16 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ නව ධූරයේ රාජකාරී භාර ගනු ලැබීය.
2024-10-18 18:37:58
21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 212 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.එම්.සී. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය යටතේ දෘශ්‍යාබාධිත පාසල් සිසුන් තිදෙනෙකු සඳහා ඇස් කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනක් 2024 ඔක්තෝබර් මස 09 දින 212 පාබල බලසේනා මූලස්ථානයේදී පවත්වන ලදී.
2024-10-18 18:36:32
බදාදා දින පුහුණු දිනය වෙනුවෙන් යුද්ධ හමුදා විනය පවත්වා ගැනීම පිළිබඳව දේශනයක් 2024 ඔක්තෝබර් මස 16 දින 1 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා දේශන ශාලාවේදී පවත්වන ලදී.
2024-10-18 18:32:42
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, 7 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 ඔක්තෝබර් මස 10 දින J/ 328, කොඩිකාමම් දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලදී.