Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2024 21:49:17 Hours

56 පාබල සේනාංකයෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා අත්‍යාවශ්‍ය වියළි ආහාර සලාක ඇසුරුම් බෙදා දෙයි

56 සේනාංකයේ 27 වන සංවත්සරයට සමගාමීව, එම සේනාංක බල ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත 2024 සැප්තැම්බර් මස 12 දින සුබසාධන වැඩසටහනක් ආරම්භ කරන ලදී.

එහිදී, යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් කොකෙළිය ප්‍රදේශයේ වෙසෙන සියලුම ප්‍රජාවන් නියෝජනය කරමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා අත්‍යාවශ්‍ය වියළි ආහාර සලාක ඇසුරුම් බෙදා දීමේ සුබසාධන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහන යටතේ 56 පාබල සේනාංක බල ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන අඩු ආදායම් ලාභී පවුල් 20 ක් සඳහා ප්‍රතිලාභ හිමි වූහ.

බෙදා දෙනු ලැබූ වියළි ආහාර සලාක ඇසුරුම සඳහා සම්බා සහල්, ළූණු, පරිප්පු, ලුණු, කුළුබඩු, පිටි, සීනි, සෝයා මීට්, මුං ඇට, තේ, සීනි, චොකලට් සහ පපඩම් යන ආහාර ද්‍රව්‍ය ඇතුළත් විය.