Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2024 21:12:44 Hours

23 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් පිළිකා රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ පා ගමනක

කිලිනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය මගින් 2024 ඔක්තෝබර් මස 16 දින පලෛයි ප්‍රාථමික රෝහලේ සිට පලෛයි, පච්චා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා පිළිකා රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් 23 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් අනෙකුත් රාජ්‍ය සංවිධාන සමඟ එක්ව මෙම පාගමනට සහභාගි වූහ.

පාගමනට සහභාගී වූවන් සඳහා පානීය ජලය ලබාදීමේ මධ්‍යස්ථානයක් ද මෙම ඒකකය විසින් සංවිධානය කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත භටපිරිස්වල සහභාගීත්වය සහ අනෙකුත් සැපයුම් කටයුතු සිදු කරන ලදී.