18th October 2024 21:16:39 Hours
ඉන්දීය උසස් ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලාවේ කොටසක් ලෙස මෙරට සංචාරයේ නිරත එම පාඨමාලාවේ නියෝජිතයන් පිරිසක් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ඔක්තෝබර් මස 17 දින දියතලාව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම හිදී හමුවිය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙත පැමිණි නියෝජිත පිරිස ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, අනතුරුව ඔවුන් සමඟින් සාකච්ඡාවන් පැවැත්වීය.
සංචාරය අවසානයේදී එතුමන් පාඨමාවේ නිලධාරීන් වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානය කරමින් ඔවුන්ගේ ඉදිරි කටයුතු සඳහා සුබ පැතුම් එක් කළේය.
මෙම අවස්ථාවට බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.