Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2024 18:32:42 Hours

යුද්ධ හමුදා භටපිරිස් යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේ නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තබයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, 7 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 ඔක්තෝබර් මස 10 දින J/ 328, කොඩිකාමම් දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලදී.

52 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මගපෙන්වීම සහ 523 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.එම්.සී.ඒ.එස් සමරතුංග ආර්එස්පී ගේ අධීක්‍ෂණය යටතේ මෙම සමාජ සත්කාරක ව්‍යපෘතිය ආරම්භ කරනු ලැබීය.

එසේ යුද්ධ හමුදා විසින් ආරම්භ කරන ලද මෙම සමාජ සත්කාරක ව්‍යපෘතිය සඳහා මූල්‍ය දායකත්වය දේවගැති ඒ.අරුල් පියතුමා ඇතුළු එම පුණ්‍යායතනයේ අනෙකුත් සාමාජිකයින් විසින් ලබාදීමට පොරොන්දු වී ඇත.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම අවස්ථාවට පුණ්‍යායතනයේ සාමාජික දේවගැති ඒ.අරුල් පියතුමන් ඇතුළු කිතුනු ආගමික නායකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, නිවාස ලාභී පවුලේ සාමාජිකයින් සහ ගම්වාසීන් පිරිසක් ද එක්ව සිටියහ.