Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2024 21:15:57 Hours

23 බලඇණිය ගැමුණු හේවා බලකායේ 15 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

23 බලඇණිය ගැමුණු හේවා බලකායේ 15 වන සංවත්සරය 2024 ඔක්තෝබර් මස 15 දින පවත්වනු ලැබූ අතර, ඒ වෙනුවෙන් ඒකක ධජයට ආශිර්වාද එක්කිරීමේ වැඩසටහනක්, ක්‍රිකට් තරඟාවලියක්, බෝධි පුජා පිංකමක් සහ සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් වැනි වැඩසටහන් මාලාවක් පැවැත්වූහ.

කාර්යයේ නියුතු ඒකක අණදෙන නිලධාරී මේජර් එච්.ජී.ටී.ජේ. හපුරුගල පීඑස්සී ගේ උපදෙස් මත කාර්යයේ නියුතු දෙවන අණදෙන නිලධාරී මේජර් එම්.ඒ.එල් සම්පත්, ඒකකයේ සියලුම නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ සහභාගීත්වයෙන් මෙම බලඇණි සංවත්සරය පැවැත්වූහ.