2024-10-27 14:00:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් සී එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිවී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 26 බලකාධිපති ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 ඔක්තෝම්බර් මස 23 දින ධූරයේ රාජකාරි කටයුතු භාර ගන්නා ලදී.
2024-10-27 13:56:50
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් මාතර තුඩාව ප්‍රදේශයේ අලුතින් ඉදිකරන ලද නිවස ප්‍රතිලාභීන් වෙත පවරාදීමේ උත්සවයක් 2024 ඔක්තෝම්බර් මස 23 දින පැවැත්විණි.
2024-10-25 14:43:41
53 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී, එම සේනාංක මූලස්ථානයේදී 2024 ඔක්තෝබර් මස 14 දින ආගමික ආශිර්වාද මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2024-10-25 14:43:27
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු චෙස් ශූරතාවලිය පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 ඔක්තෝම්බර් මස 25 දින අවසන් විය. එම තරඟාවලියේ ශූරතාවය සඳහා රෙජිමේන්තු 14 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් තරඟ ඉසව් තුනකින් තරඟවදිමින් දස්කම් ප්‍රදර්ශනය කළහ.
2024-10-25 14:43:26
56 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී, එම සේනාංක මූලස්ථානයේදී 2024 ඔක්තෝබර් මස 23 දින ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2024-10-25 14:42:02
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කායවර්ධන, බර ඉසිලීමේ සහ සවි එසවීමේ තරඟාවලිය - 2024 පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2024 ඔක්තෝබර් මස 22 දින සිට 24 දින දක්වා පැවැත්විණි.
2024-10-24 19:22:58
දකුණු සුඩානයේ SRIMED දෙවන මට්ටමේ රෝහලේ සේවයේ නියුතු 10 වන යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායමේ සේවය ඇගයීමට ලක්කරමින් 2024 ඔක්තෝබර් මස 17 දින දකුණු සුඩානයේ බෝර් ප්‍රදේශයේ පිහිටි එම රෝහල් පරිශ්‍රයේදී ඔවුන් වෙත එක්සත් ජාතීන්ගේ සාමසාධක පදක්කම් පිරිනැමිණි.
2024-10-24 19:12:09
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මඟපෙන්වීම සහ 7 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් ඒ.කේ. මල්ලවආරච්චි පීඑස්සී ගේ මෙහෙයවීමෙන් එම ඒකකයේ භටපිරිස් විසින් නාවලඩි ප්‍රදේශයේ ස්ථාපිත 18 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ දිවංගත කෝප්රල් ඩබ්ලිව්.එම්. ලලිත් බණ්ඩාර ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2024 ඔක්තෝම්බර් මස 23 දින ඔවුන් වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.
2024-10-24 19:08:52
144 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 10 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්ෂණය මත 75 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව 10 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව වෙතින් 2024 ඔක්තෝම්බර් මස 10 දින බත්තරමුල්ල නාගරික වැඩිහිටි හා ළමා නිවාස පරිශ්‍රයේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පැවැත්වීය.
2024-10-23 15:40:07
61 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ඔක්තෝබර් මස 16 දින 613 පාබල සේනාංකය, 9 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 3 (ස්වෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකාය වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.