Header

Sri Lanka Army

Defender of the Nation

25th October 2024 14:43:41 Hours

53 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

53 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී, එම සේනාංක මූලස්ථානයේදී 2024 ඔක්තෝබර් මස 14 දින ආගමික ආශිර්වාද මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුද කළේය.

ආගමික වතාවත්වලින් පසුව නව ධූරයේ රාජකාරී භාරගැනීම සනිටුහන් කරමින් එතුමන් විසින් සිය කාර්යාලයේදී නිල ලේඛනයකට අත්සන් තැබීය. පසුව, එතුමන් සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටීමෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැලයක් ද රෝපනය කරන ලදී.

පසුව නව සේනාංකාධිපතිතුමන් හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ආමන්ත්‍රණය කරමින් තම ඉදිරි දැක්ම ප්‍රකාශ කළේය. උත්සවයේ කටයුතු අවසන් කරමින් එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්ව සිටියහ.