Header

Sri Lanka Army

Defender of the Nation

24th October 2024 19:12:09 Hours

දිවංගත වීරෝදාර රණවිරුවෙකුගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් 7 බලඇණිය ගැමුණු හේවා බලකායේ මූලිකත්වයෙන් නව නිවසක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මඟපෙන්වීම සහ 7 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් ඒ.කේ. මල්ලවආරච්චි පීඑස්සී ගේ මෙහෙයවීමෙන් එම ඒකකයේ භටපිරිස් විසින් නාවලඩි ප්‍රදේශයේ ස්ථාපිත 18 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ දිවංගත කෝප්‍රල් ඩබ්ලිව්.එම්. ලලිත් බණ්ඩාර ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2024 ඔක්තෝම්බර් මස 23 දින ඔවුන් වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ සුරතින් දිවංගත කෝප්‍රල් ඩබ්ලිව්.එම්. ලලිත් බණ්ඩාර ගේ බිරිඳ වෙත නව නිවසේ යතුරු නිල වශයෙන් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ නිවාසලාභී පවුලේ සාමාජිකයන් එක්ව සිටියහ.