Header

Sri Lanka Army

Defender of the Nation

24th October 2024 19:08:52 Hours

10 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලිකත්වයෙන් ප්‍රජා මූලික වැඩසටහනක්

144 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 10 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය මත 75 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව 10 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව වෙතින් 2024 ඔක්තෝම්බර් මස 10 දින බත්තරමුල්ල නාගරික වැඩිහිටි හා ළමා නිවාස පරිශ්‍රයේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පැවැත්වීය.

මෙම වැඩසටහන අතරතුරදී, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 111 දෙනෙකු සහ ළමුන් 4 දෙනෙකු වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූ අතර විනෝදාස්වාද වැඩසටහනක් ද පැවැත්වීය. මීට අමතරව, එම දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලමින් ඔවුන් වෙත ලිපිද්‍රව්‍ය මෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ඖෂධ පරිත්‍යාගයක් ද සිදුකෙරිණි.

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ නාගරික වැඩිහිටි හා ළමා නිවාසයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ද සහභාගි වූහ.