Header

Sri Lanka Army

Defender of the Nation

23rd October 2024 15:40:07 Hours

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති සිය බල ප්‍රදේශයේ නිල සංචාරයක

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ඔක්තෝබර් මස 16 දින 613 පාබල සේනාංකය, 9 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 3 (ස්වෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකාය වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.

613 පාබල බලසේනා කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් එම පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, පසුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පිරිනමන ලදී.

සංචාරය අතරතුර, සේනාංකාධිපතිතුමන් 613 පාබල බලසේනාවේ කාර්යය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරන ලදී. පසුව, එතුමන් විසින් භටපිරිස් ආමන්ත්‍රණය කරනු ලැබීය. ඉන් අනතුරුව එතුමන් විශේෂ අමුත්තන්ගේ සමරු සටහන්පොත් සටහනක් තැබීය. එම සංචාරයෙන් පසුව එතුමන්, 9 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත සහ 3 (ස්වෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකාය වෙත ද නිල සංචාරය සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.