27th October 2024 14:00:19 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් සී එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිවී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 26 බලකාධිපති ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 ඔක්තෝම්බර් මස 23 දින ධූරයේ රාජකාරි කටයුතු භාර ගන්නා ලදී.
හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව වැඩසටහනේ වැඩකටයුතු ආරම්භ කරමින් එම බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පී.එම්.එස්. කරුණාරත්න පීඑස්සී විසින් බලකාධිපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුඳ කරන ලදී. අනතුරුව එතුමන් මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ විරවරියන් සිහිකරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.
පසුව, බලකාධිපතිතුමන් වෙත සරඹ භූමියේදී එම බලකායේ භටපිරිස් විසින් රෙජිමේන්තු සම්මාන මුරයේ ගෞරවාචාරය පුඳකරන ලදී. අනතුරුව බලකාධිපතිතුමන් විසින් එතුමන් වෙත පිරිණමන ලද වර්ණවත් හා ගෞරවාන්විත සම්මාන පෙළපාලිය අගයමින් සිය ස්තුතිය පුඳ කරණ ලදී.
අනතුරුව, බලකාධිපතිතුමන් විසින් සිය නව කාර්යාලයේ දී ධූරයේ රජකාරී භාර ගැනීම සංකේතවත් කරමින් නිල ලේඛනයකට අත්සන් තැබීය.අනතුරුව එතුමන් එම බලකායේ සේවයයේ නියතු භට පිරිස් ඇමතීම සිදුකළේය.