2024-11-04 19:48:26
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී 2024 ඔක්තෝබර් මස 31 දින 3 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
2024-11-04 19:48:09
අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක-76’ සාර්ථකව අවසන් කළ සෙසුනිලයන් 189 දෙනෙකු වෙත සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය 2024 ඔක්තෝම්බර් මස 20 දින පැවැත්විණි.
2024-11-04 19:37:48
23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 231 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය මත 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් එම ඒකකයේ නිවාස අවශ්‍යතා සහිත කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් මින්නේරිය, මහරත්මලේ ප්‍රදේශයේ නව නිවසක් ඉදිකරනු ලැබීය.
2024-11-04 13:33:30
8 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 32 වන සංවත්සර දිනය වෙනුවෙන් උත්සව මාලාවක් එම බලඇණියේ අණදෙන නිලධාරි මේජර් එස්.කේ.එල්.පී.කේ සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ 2024 ඔක්තෝබර් මස 16 දින එම බලඇණි පරිශ්‍රයේදී පවත්වන ලදී.
2024-11-04 13:32:09
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී 2024 ඔක්තෝම්බර් මස 31 දින කටුගස්තොට, ශ්‍රී චන්දානන්ද බෞද්ධ බාලක/ බාලිකා විද්‍යාලයන්හි සහතිකපත් ප්රදානෝත්සවය සඳහා සහභාගී විය.
2024-11-04 08:45:48
උතුරු පළාත් නව ආණ්ඩුකාර නාගලිංගම් වේතානායහන් මැතිතුමන් යුද්ධ හමුදාවේ දැනට ක්‍රියාත්මක ප්‍රජා ව්‍යාපෘති සහ ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයාබැලීමේ අරමුණින් 2024 නොවැම්බර් මස 02 දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක නිරත විය.
2024-11-04 08:43:02
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය භඨකාර්ය සම්පාදක ආඥාපති ධූරයේ පසුගිය දා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් ජී.එල්.එස්.ඩබ්ලිව්. ලියනගේ යූඑස්පී පීඑස්සී 2024 නොවැම්බර් මස 02 පලාලි යුද්ධ හමුදා මූලික රෝහලේ නිල සංචාරයක නිරතවිය.
2024-11-03 18:03:09
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර අභිමානවත් 21 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 ඔක්තෝම්බර් මස 31 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී සැමරුම් උත්සවයක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-11-03 18:00:58
22 පාබල සේනාංකය වෙතින් 2024 ඔක්තෝම්බර් මස 28 සිට 30 දින දක්වා මුලික ආපදා ප්‍රතිචාර පුහුණුව පිළිබඳව දැනුවත් කිරිමේ වැඩමුළුවක් එම මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීය. මේජර් ජෙනරාල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත යුද්ධ හමුදා ආයතනයන්හි සේවයේ නියුතු නිලධාරීන් 7 දෙනෙකු සහ සෙසුනිලයන් 131 දෙනෙකු මෙම වැඩමුළුව සඳහා සහභාගී වූහ.
2024-11-03 17:58:55
මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත 24 පාබල සේනාංකය වෙතින් ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත අම්/ගල්කන්ද ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.