Header

Sri Lanka Army

Defender of the Nation

04th November 2024 08:43:02 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භඨකාර්ය සම්පාදක ආඥාපති පලාලි යුද්ධ හමුදා මූලික රෝහලේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භඨකාර්ය සම්පාදක ආඥාපති ධූරයේ පසුගිය දා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් ජී.එල්.එස්.ඩබ්ලිව්. ලියනගේ යූඑස්පී පීඑස්සී 2024 නොවැම්බර් මස 02 පලාලි යුද්ධ හමුදා මූලික රෝහලේ නිල සංචාරයක නිරතවිය.

සංචාරයේ නිරත භඨකාර්ය සම්පාදක ආඥාපති එම රෝහලේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.ඒ.එන්.සී. විජේසිංහ ප්‍රමුඛ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, අණදෙන නිලධාරිතුමන් විසින් එම රෝහලේ සේවාවන් පිළිබඳ සවිස්තරාත්මකව භඨකාර්ය සම්පාදක ආඥාපතිතුමන් දැනුවත් කිරීමෙන් අනතුරුව එතුමන් දැනට රෝහල තුළ සිදුකෙරෙමින් පවතින ඉදිකිරීම් කටයුතු පිළිබඳව ද නිරීක්‍ෂණය කළේය.

සංචාරය සමාප්තියේ, භඨකාර්ය සම්පාදක ආඥාපති රෝහල් කාර්ය මණ්ඩලය ආමන්ත්‍රණය කරමින් මඟපෙන්වීම් ලබාදුන්නේය. හමුදා සෞඛ්‍ය සේවයේ විශිෂ්ඨත්වය වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කිරීම සඳහා එතුමන් එහිදී රෝහල් කාර්ය මණ්ඩලය දිරිගැන්විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.