04th November 2024 13:33:30 Hours
8 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 32 වන සංවත්සර දිනය වෙනුවෙන් උත්සව මාලාවක් එම බලඇණියේ අණදෙන නිලධාරි මේජර් එස්.කේ.එල්.පී.කේ සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ 2024 ඔක්තෝබර් මස 16 දින එම බලඇණි පරිශ්‍රයේදී පවත්වන ලදී.
උත්සව කටයුතු ආරම්භ කරමින් ඒකක ධජයට ආශිර්වාද එක්කිරීමේ වැඩසටහනක් පැවැත්වූ අතර, අනතුරුව සැමරුම් උත්සවයේ කොටසක් ලෙස එම බලඇණියේ කණ්ඩායම් අතර ක්‍රිකට් සහ වොලිබෝල් තරඟාවලියක් පවත්වන ලදී.
තවද, බලඇණියේ භටපිරිස් විසින් කෑගල්ල ශික්‍ෂණ රෝහලේ රෝගීන් සහ කාර්යය මණ්ඩලයට සහය දැක්වීමේ අරමුණින් එම රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. උත්සවයේ කටයුතු අවසන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සහ සුහද හමුවක් පවත්වනු ලැබීය.