Header

Sri Lanka Army

Defender of the Nation

04th November 2024 19:48:26 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් 3 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී 2024 ඔක්තෝබර් මස 31 දින 3 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.

ප්‍රධාන දොරටුව වෙත සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් එම ඒකකයේ අණදෙන නිළධාරීතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව, භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. පසුව, එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර බලඇණියේ සියලු නිලයන් ආමන්ත්‍රණය කළේය‍. මෙම නිල සංචාරයේදී එතුමන් බලඇණියට අදාළ මෙහෙයුම් සහ පරිපාලන කටයුතු පිළිබඳව සොයාබැලීම ද සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී විය.