04th November 2024 19:37:48 Hours
23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 231 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් එම ඒකකයේ නිවාස අවශ්‍යතා සහිත කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් මින්නේරිය, මහරත්මලේ ප්‍රදේශයේ නව නිවසක් ඉදිකරනු ලැබීය.
7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ පවුල්වල සාමාජිකයන් සහ මිතුරන්ගේ සම්බන්ධිකරණය මත ලබාදුන් මූල්‍යමය සහ ද්‍රව්‍යමය අනුග්‍රාහකත්වය මත මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය.
7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරිතුමන්ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාව සඳහා සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ සුරතින් අභිනවයෙන් ඉදිකරනු ලැබූ නිවස ආගමික වතාවත් මධ්‍යයේ 2024 ඔක්තෝබර් මස 30 දින නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගී වූහ.